Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ප්‍රකාශ කෙරේ

ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විට කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටින චමරි අතපත්තු මෙම සංචිතයේ නායිකාව ලෙස සුපුරුපු පරිදි කටයුතු කරනවා.

සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත්. 16 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකාවක් මෙන්ම ආරම්භක පිතිකාරිණියක් වන විශ්මි රාජපක්ෂ, 19 හැවිරිදි පිතිකාරිණියක් වන ඉමේෂා දුලානි හා වමත් පා දග පන්දු යවන්නියක වන සචිනි නිසංසලා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නොවැම්බර් 21 වනදා සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිතයි.

01) Chamari Atapattu – Captain
02) Harshitha Madavi – Vice Captain
03) Inoka Ranaweera
04) Nilakshi De Silva
05) Hasini Perera
06) Sugandika Kumari
07) Oshadi Ranasinghe
08) Ama Kanchana
09) Udeshika Probodhani
10) Achini Kulasuriya
11) Anushka Sanjeewani
12) Kavisha Dilhari
13) Tharika Sewwandi
14) Prasadini Weerakkody
15) Imesha Dulani
16) Vishmi Rajapaksha
17) Sachini Nisansala

Stand By Players
01) Umesha Thimashini
02) Kawya Kavindi
03) Madushika Methtananda
04) Sathya Sandeepani
05) Lihini Apsara

Leave a comment