රාහුල් පංජාබයට සමු දෙන ලකුණු
පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් ලබන වසරේ දී එම කණ්ඩායම සදහා ක්‍රීඩා නොකරනු ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ අනුව ඔහු ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම ඔහුව මිලදී ගැනීම සදහා කැමැත්තෙන් පසුවන බව ද සදහන්.
2018 වසරේ දී කේ.එල් රාහුල් එම කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලකටයි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වන්නේ ද කේ.එල් රාහුල්.
ලබන වසරේ සිට නව කණ්ඩායම් දෙකක් ද අයි.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතයි.
ඒ හේතුවෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය කණ්ඩායමේ රදවා ගත හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය ද මෙතෙක් නිවේදනය කර නැහැ.