Ultimate magazine theme for WordPress.

IPL ශ්‍රී ලංකාවට අහිමි වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා මේ වන විට කටයුතු සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරගාවලිය සැප්තැම්බර් අග සහ නොවැම්බර් අතර කාලයේ දී ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීමට තීරණය කළහොත් පමණක් අයි.පී.එල් තරගාවලිය මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

අයි.පී.එල් තරගාවලියට යොදා ගත හැකි ක්‍රීඩාංගනන (සාජා, අබුඩාබි සහ ඩුබායි) සම්බන්ධයෙන් මේ වන විටත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරීන් සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ බළධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ද සදහන්.

අයි.පී.එල් කණ්ඩායම්වල හිමිකරුවන් අතර හමුවක් මෙම සතියේ දී පවත්වා ඇති අතර, එහිදී කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අයි.පී.එල් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීම සදහා කිසිදු පාර්ශවයක් අකමැත්ත පල කර නොමැති බවයි වාර්තා වන්නේ.

තරගාවලියට එක් වන ඉන්දීය ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය ආරම්භයට මාසයකට පමණ පෙර පුහුණු කටයුතු වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිත බව gulfnews වාර්තා කර තිබෙනවා.

මීට පෙර අයි.පී.එල් තරගාවලියේ 13 වන අදියරේ සත්කාරකත්වය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ද ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණා.

Leave a comment