මිස්බා හා වකාර් යුනිස් ධූරවලින් ඉල්ලා අස් වෙයි
පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
වේග පන්දු පුහුණුකරු වකාර් යුනිස් ද සිය ධූරයෙන් ඉවත්ව ඇති බවයි පාකිස්තාන ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුව ඔවුන් මෙලෙස ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව නිවේදනය කිරීම විශේෂත්වයක්.
සක්ලයින් මුෂ්ටක් හා අබ්දුල් රසාක් වැඩබලන පුහුණුකරුවන් ලෙස එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන් නම් කර තිබෙනවා.