Ultimate magazine theme for WordPress.

ද හන්ඩ්‍රඩ් ලබන වසරට කල් යයි

ද හන්ඩ්රඩ් හෙවත් එංගලන්ත සහ වෙල්ස් ක්රිකට් ආයතනය මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර තිබූ පන්දු සියයේ නව ක්රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසයේ ව්යාප්තිය සැලකිල්ලට ගනිමින්.
අදාළ තරගාවලිය සදහා එංගලන්තයේ නගර 8ක් කේන්ද්ර කර ගත් කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිතව තිබුණා.
පළමු තරගාවලිය මෙම වසරේ ජූලි 17 වනදා සිට අගෝස්තු 15 වනදා දක්වා කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
තරගාවලියට එක්වන සදන් බ්රේව් පිරිමි කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි.
Leave a comment