Ultimate magazine theme for WordPress.

ප්‍රිත්වි හා සූර්යකුමාර් එංගලන්තයේ දී ටෙස්ට් සංචිතයට එක් වන බව තහවුරු කෙරේ

ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් ඉන්දීය ටෙස්ට් සංචිතය සමග එංගලන්තයේ දී එක් වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(26) තහවුරු කළා.

නිවේදනයක් නිකුත් කරමින් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ මේ වන විට ආබාධවලට ලක්ව සිටින ෂුබ්මන් ගිල්, වොෂින්ටන් සුන්දර් හා අවේෂ් ඛාන් යන ක්‍රීඩකයින්ට එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති බැවින් ප්‍රිත්වි හා සූර්යකුමාර් ටෙස්ට් සංචිතයට කැදවීමට තීරණය කළ බවයි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීම සදහා මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා.

ඒ අනුව ප්‍රිත්වි හා සූර්යකුමාර් කුමන දිනයකදී එංගලන්තය බලා පිටත්ව යන්නේ ද? හා ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි අවසන් 20යි 20 තරග දෙක ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මේ වන විට සුවය ලබා ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ වන විට ඔහු ඉදිරි ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

රිෂාබ් පාන්ට් සහ පුහුණු දැල් පන්දු යවන්නෙකු වන Dayanand Garani ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව නිල වශයෙන් තහවුරු කෙරුණේ පසුගිය 15 වනදායි.

Dayanand Garani ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන් මෙන්ම ව්රිධිමන් සහා හා Abhimanyu Easwaran යන ක්‍රීඩකයින් ද මේ වන විට සිය නිරෝධායනය අවසන් කර ඇති බව සදහන්.

ලන්ඩන් නුවර දී ඔවුන් නිරෝධායනයට ලක් කර තිබූ අතර, ඔවුන් මේ වන විට ඩර්හැම් හී දී ඉන්දීය කණ්ඩායම සමග එක් වී තිබෙනවා.

Leave a comment