Ultimate magazine theme for WordPress.

පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්විමට තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එරට පැවැත්වෙන වෙනත් තරගාවලි හේතුවෙනුයි අදාළ තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට නොහැකි වී ඇත්තේ.

ඒ අනුව එක්දින තරගාවලිය ලබන සැප්තැම්බර් පළමු වනදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග මෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment