Ultimate magazine theme for WordPress.

කුසල් මෙන්ඩිස්ට ඇප

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එහිදී ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව සදහන්.

අනතුර සිදු වන අවස්ථාවේ බීමතින් නොසිටි බවටයි මූලික විමර්ශනවලින් අණාවරණය වී තිබුණේ.

රිය අනතුර සිදු වන අවස්ථාවේ දී තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද ඔහු පැද වූ රථයේ සිට ඇති බවටයි වාර්තා වුුණේ.

ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ අලුයම මෙම අනතුර සිදුව තිබුණා.

කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුර සිදු වූ අතර, එහිදී 64 හැවිරිදි පාපැදිකරු මිය ගියා.

කුසල් මෙන්ඩිස්ට නින්ද යාම අනතුරට හේතුව ලෙස අණාවරණය වී තිබෙනවා.

Leave a comment