Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට ලකුණු 220ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 220ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(11) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 477ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 256ක් පමණයි.

නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 92ක් රැස් කළේ පන්දු 73කට මුහුණ දෙමින්. ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 52යි.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් හා ටස්කින් අහ්මඩ් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

හරාරේහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 468ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 284ක් ලබා සිටියදීයි.

පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 150ක් රැස් කළ බංග්ලාදේශයේ මහ්මුදුල්ලාහ් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment