Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවට නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සදහා නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

Michael Di Venuto හා Jeff Vaughan මෙලෙස පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් දෙදෙනා ඉදිරි ගිම්හාන තරග වාරය අරමුණු කර ගනිමින් ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ පුහුණු කාර්යය මණ්ඩලය සමග මෙම වසර අවසානයේ දී එක් වනු ඇති.

Di Venuto මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමග කොදෙව් දූපත්හි රැදී සිටින අතර, ඔහු 2013 වසරේ දී කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

2016 වසරේ ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියකදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණා.

Michael Di Venuto හා Jeff Vaughan දෙදෙනාම මේ වන විට 47 හැවිරිදි වියේ පසුවනවා.

Leave a comment