Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු 20යි 20 තරග දෙකට විදුලි ආලෝකය හරස් වෙයි?

ගැටලු සහගත තත්ත්වයක් පැවතියද ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්ත – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වන විට කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරග සංවිධාන කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ එහි විදුලි ආලෝකය සපයන කුළුනු පහෙන් එක් කුළුනක් අක්‍රීය වීම හේතුවෙන්.

එය යථාතත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය අමතර කොටස් අමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කර ඇතත්, ඒවා මෙතෙක් ලැබී නොමැති බව සදහන්.

කෙසේ වෙතත්, අවශ්‍ය උපකරණ නියමිත කාලය වන විට ලැබෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

විදුලි ආලෝකය ලබා ගැනීම සදහා තාවකාලික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද බළධාරීන් විසින් අවධානය යොමු කර ඇත්තේ අවශ්‍ය වුවහොත් විකල්පයක් වශයෙන් යොදා ගැනීමටයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු 20යි 20 තරග දෙක ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා එරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment