Ultimate magazine theme for WordPress.

බේලිස් සහ සේකර් යළි BBL තරගාවලියට

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියට එක් වන සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් රෙනෙගේඩ්ස් යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පිළිවෙලින් ට්‍රෙවර් බේලිස් සහ ඩේවිඩ් සේකර් පත් කර තිබෙනවා.

2019 ලෝක කුසලානය ජය ගන්නා අවස්ථාවේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලැබූ ට්‍රෙවර් බේලිස් වසර තුනක කාලයක් සදහා තන්ඩර් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බව සදහන්.

මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශේන් බෝන්ඩ්.

2011 – 2015 අතර කාලයේ දී ට්‍රෙවර් බේලිස් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහු මේ වන විටත් අයි.සී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියානු යන කණ්ඩායම්වල වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් මීට පෙර ද මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2015-16 තරග වාරයේ දී කටයුතු කළා.

Leave a comment