Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානුවන්ගේ අලුබදුන රැක ගැනීමේ කාලසටහන නිවේදනය කෙරේ

එළඹෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය (එංගලන්තයට එරෙහි) ලබන දෙසැම්බර් 8 වනදා ආරම්භ වන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද(19) නිවේදනය කළා.

ඒ, එළඹෙන 2021/22 තරග වාරය වෙනුවෙන් වන ජාත්‍යන්තර තරග කාලසටහන ප්‍රකාශයට පත් කරමින්.

පළමු තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාව 1986/87 තරග වාරයෙන් පසුව මෙතෙක් කිසිදු අලුබදුන තරගයක් පරාජයට පත්ව නැහැ.

ආරම්භක තරගයෙන් පසුව තරගාවලියේ එකම දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 16 වනදා එම තරගය ආරම්භ වන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩා කළ දිවා රාත්‍රී තරග අටම ජය ගෙන තිබීම හේතුවෙන් මෙවර අලුබදුන තරගාවලියේ පළමු තරග ද්විත්වයටම ඔස්ට්‍රේලියානුවන් පිවිසෙන්නේ ඉහළ මානසික තත්ත්වයක් සමගින්.

මෙල්බර්න් සහ සිඩ්නි ක්‍රීඩාංගන මෙවරත් සාම්ප්‍රදායික බොක්සිං දින සහ නව වසරේ පළමු ටෙස්ට් තරගය පැවැත්වීමේ අයිතිය හිමි කර ගෙන තිබෙනවා.

සති හයකින් අලුබදුන තරගාවලිය නිමා වන්නේ පර්ත්හි නව Optus ක්‍රීඩාංගනයේ දී යි.

ඒ අනුව පර්ත්හි(WACA) වකා ක්‍රීඩාංගනයේ දී මෙම ටෙස්ට් තරගාවලියේ කිසිදු තරගයක් පැවැත්වෙන්නේ නැහැ.

1882/83 තරග වාරයෙන් ඇරඹි අලුබදුන කුසලානය මේ වන විට ඔස්ට්‍රේලියානුවන් සන්තකයේ පවතින බැවින් මෙවර තරගාවලියට ද ඔවුන් තරග වදින්නේ එම ශූරතාවය රැක ගැනීමේ අරමුණින්.

අලුබදුන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්තානය අතර ටෙස්ට් තරගයක් නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, එය දෙරට අතර පැවැත්වෙන ඉතිහාසයේ පළමු රතු පන්දු (ටෙස්ට්) තරගයයි.

අලුබදුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරග 3කින් යුත් චැපල්-හැඩ්ලි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ජනවාරි 30 පර්ත්හී දී එක්දින තරගාවලිය ආරම්භ වන අතර, අනතුරුව දෙරට අතර 20යි 20 තරගයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අප මීට පෙර වාර්තා කළ පරිදි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 11 වනදායි.

ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායමේ 2021/22 ජාත්‍යන්තර තරග කාලසටහන :

Test vs Afghanistan

Nov 27 – Dec 1: Test match, Blundstone Arena

Ashes vs England

Dec 8-12: 1st Test, The Gabba

Dec 16-20: 2nd Test, Adelaide Oval

Dec 26-30: 3rd Test, MCG

Jan 5-9: 4th Test, SCG

Jan 14-18: 5th Test, Perth Stadium

ODI & T20 Series vs New Zealand

Jan 30: 1st ODI, Perth Stadium

Feb 2: 2nd ODI, Blundstone Arena

Feb 5: 3rd ODI, SCG

Feb 8: T20I, Manuka Oval

T20 Series vs Sri Lanka

Feb 11: 1st T20, SCG

Feb 13: 2nd T20, The Gabba

Feb 15: 3rd T20, Metricon Stadium

Feb 18: 4th T20, Adelaide Oval

Feb 20: 5th T20, MCG

Leave a comment