Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට සහ අයර්ලන්තයට එරෙහි දකුණු අප්‍රිකා සංචිත නම් කෙරේ

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත තරග සංචාර සදහා වන දකුණු අප්‍රිකා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඩීන් එල්ගර් නිත්‍ය ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකා කණ්ඩායම මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය කොදෙව් තරගාවලියයි.

Prenalan Subrayen පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, ටෙස්ට් සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්.

එනම්, Kyle Verreynne, Keegan Petersen, Saral Erwee, Marco Jansen සහ Lizaad Williams යන ක්‍රීඩකයින්.

ටෙම්බා බවුමා නායකත්වය දරන 20යි 20 සහ එක්දින සංචිතවල සිය ස්ථාන රැක ගැනීමට Sisanda Magala සහ Lizaad Williams සමත්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනාම නිමා වූ පාකිස්තාන තරගාවලියේ දී යි ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

කොදෙව්වන්ට සහ අයර්ලන්තයට එරෙහි සීමිත පන්දුවාර සංචිතවල ඇති එකම වෙනස්කම වන්නේ කේෂාව් මහරාජ් කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබීමයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ 20යි 20 තරග 5ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය ජූනි 10 වැනිදා ආරම්භ වන අතර, අයර්ලන්ත තරගාවලිය ජූලි 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

අයර්ලන්ත සංචාරයට එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුළත්.

South Africa Test Squad :

Dean Elgar (c), Temba Bavuma (vice-captain), Quinton de Kock (wicket-keeper), Sarel Erwee, Beuran Hendricks, George Linde, Keshav Maharaj, Lungi Ngidi, Aiden Markram, Wiaan Mulder, Anrich Nortje, Keegan Peterson, Kagiso Rabada, Rassie van der Dussen, Kyle Verreynne, Tabraiz Shamsi, Lizaad Williams, Prenelan Subrayen, Marco Jansen.

South Africa T20I Squad :

Temba Bavuma (c), Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Sisanda Magala, Janneman Malan, Aiden Markram, David Miller , Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams.

South Africa squad to Ireland :

Temba Bavuma (c), Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Sisanda Magala, Keshav Maharaj, Janneman Malan, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams.

Leave a comment