Ultimate magazine theme for WordPress.

හසී ඇතුළු ඔස්ට්‍රේලියානුවන් ගෙදර යන්න සූදානම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් ඇතුළු සියලු දෙනා හෙට(17) දිනයේ දී යළි ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

එම පිරිස අතරට කොවිඩ් 19 ආසාදනය වී සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසී ද ඇතුළත්.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සෙසු ඔස්ට්‍රේලියානු සාමාජිකයින් සමග මාලදිවයින බලා පිටත්ව යාමට ද හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා මයිකල් හසී වෛද්‍ය පරීක්ෂණයකින් සමත්වීමත් සමග ඔහුට හෙට දිනයේ දී දෝහා හරහා ඔස්ට්‍රේලියාව වෙත ළගා වීමට හැකි වනු ඇති.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් 38 දෙනෙකු පසුගිය දිනවලදී මාලදිවයිනේ සිට නිරෝධායනයට ලක් වූ අතර, ඔවුන් ද හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව බලා ළගා වීමට නියමිතයි.

ඔවුන්ට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ගුවන් යානයක් ලබා දී ඇති බව සදහන්.

එරටට පැමිණීමෙන් පසුව එම සියලු දෙනා හෝටලයකදී නිරෝධායනයට ලක් කිරීමට ද නියමිතව තිබෙනවා.

Leave a comment