Ultimate magazine theme for WordPress.

වෙර්මා එක්දින සහ ටෙස්ට් සංචිතයට කැදවයි

එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් වන ඉන්දීය කාන්තා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී ලොව අංක එකේ 20යි 20 පිතිකාරිණිය වන ෂෆාලි වෙර්මා (Shafali Verma) එක්දින සහ ටෙස්ට් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

17 හැවිරිදි ඇය එක්දින සහ ටෙස්ට් සංචිතයකට කැදවූ පළමු අවස්ථාව මෙයයි.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරගය ජූනි 16 වනදා බ්‍රිස්ටල් හී දී ආරම්භ වනු ඇති.

එය ඉන්දීය කාන්තා කණ්ඩායම 2014 වසරෙන් පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගයයි.

Test & ODI squad:

Mithali Raj (c), Smriti Mandhana, Harmanpreet Kaur, Punam Raut, Priya Punia, Deepti Sharma, Jemimah Rodrigues, Shafali Verma, Sneh Rana, Taniya Bhatia (wk), Indrani Roy (wk), Jhulan Goswami, Shikha Pandey, Pooja Vastrakar, Arundhati Reddy, Poonam Yadav, Ekta Bisht, Radha Yadav.

T20 squad:

Harmanpreet Kaur (c) Smriti Mandhan, Deepti Sharma, Jemimah Rodrigues, Shafali Verma, Richa Ghosh, Harleen Deol, Sneh Rana, Taniya Bhatia (wk), Indrani Roy (wk), Shikha Pandey, Pooja Vastrakar, Arundhati Reddy, Poonam Yadav, Ekta Bisht, Radha Yadav, Simaran Dil Bahadur.

Leave a comment