Ultimate magazine theme for WordPress.

කොල්කටා කණ්ඩායමේ කොවිඩ් ආසාදිත තෙවැනි ක්‍රීඩකයාත් හමු වෙයි

මීට පෙර කොල්කටා කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆර්ට් කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබෙනවා.

අතරමගදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව යළි නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර ඔහු සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව අණාවරණය වී ඇත්තේ.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියට එක් වූ සෙසු නවසීලන්ත ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ විස්තර විචාරකයින් නවසීලන්තයට රැගෙන යන විශේෂ ගුවන් යානාවලින් ඔහුට සියරට බලා පිටත්ව යාමට නොහැකි වන අතර, මේ වන විට ටිම් සෙයිෆර්ට් අහ්මදාබාද්හී දී හුදකලා (isolation) කිරීමකට ලක් කර ඇති බව සදහන්.

මීට පෙර කොල්කටා කණ්ඩායමේ වරුන් චක්‍රවර්තීට සහ සන්දීප් වොරියර්ට ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ටිම් සෙයිෆර්ට් වැඩිදුර ප්‍රතිකාර සදහා චෙන්නායිහි පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නියමිතයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසී ද කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව රැදී සිටින්නේ එම රෝහලේ බව සදහන්.

Leave a comment