Ultimate magazine theme for WordPress.

2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා වන අනුමැතිය මෙම මස අගදී ලැබෙනු ඇති බව වාර්තා වනවා.

මෙවර පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජිත වූ ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී පැවැත්වීම සදහා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකගතාවයකට එළඹුණේ නිමා වූ ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී යි.

කෙසේ වෙතත්, ඒ සදහා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටුවේ අනුමැතිය අවශය වන අතර, එය මෙම මස අගදී ලැබෙනු ඇති බව සදහන්.

අදාළ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේනම් 2022 වසරේ මෙරට දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත පිරිනැමෙනු ඇති.

පාකිස්තානය සත්කාරකත්වය දරන්නේ නම් ඉන්දියාව තරගාවලියට එක් නොවීමට ගෙන ඇති තීරණය ද මෙලෙස ආසියානු කුසලාන තරගාවලි ද්විත්වය (2020 සහ 2022) හුවමාරු කර ගැනීමට ප්‍රබල ලෙස හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් පවතින සංචාරක සීමාවන් ද සැලකීමේ දී සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී ද පැවැත්විය හැකි වනු ඇත්දැයි ප්‍රශ්නාර්ථයක්.

Leave a comment