Ultimate magazine theme for WordPress.

නවසීලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ – ගප්ටිල් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා අමතර ක්‍රීඩකයෙකු ලෙස ෆින් ඇලන් (Finn Allen) නම් කර ඇත්තේ ආබාධයකට ලක්ව සිටින මාර්ටින් ගප්ටිල් වෙනුවට අවශ්‍ය වුවහොත් යොදා ගැනීම සදහායි.

ගප්ටිල් ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සදහා මුහුණ දීමට නියමිතව සිටින බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 22 වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand T20I Squad:

Kane Williamson (c), Martin Guptill, Tim Seifert, Devon Conway, Glenn Phillips, Mark Chapman, Jimmy Neesham, Mitchell Santner, Ish Sodhi, Kyle Jamieson, Tim Southee, Trent Boult, Hamish Bennett, Finn Allen (standby)

Leave a comment