Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය පරදා කොදෙව්වන්ට තියුණු හා ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

Match Report

බංග්ලාදේශය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් 2012 වසරෙන් පසුව ආසියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් ඔවුන් ලකුණු 17ක තියුණු ජයක් වාර්තා කරමින්.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේ දී බංග්ලාදේශයට ලකුණු 231ක ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි.

ටමිම් ඉක්බාල් ලකුණු 50කට දැවී ගිය අතර, මෙහිදි හසාන් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස් කළ ද එය බංග්ලාදේශයේ ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගත් Rahkeem Cornwall දෙවන ඉනිමේ දී කඩුලු 4ක් බිද හෙලමින් කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Jomel Warrican සහ Kraigg Brathwaite අතරේ ද කඩුලු 3 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 409ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 296ක් පමණයි.

අනතුරුව කොදෙව් දෙවන ඉනිම ලකුණු 117කට සීමා වීම විශේෂත්වයක්.

Nkrumah Bonner ලකුණු 38ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස Rahkeem Cornwall සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ Nkrumah Bonner.

Leave a comment