Ultimate magazine theme for WordPress.

ශතකය ලබා ගැනීමත් සමග ලෝක වාර්තාවක් මැතිව්ස්ට අහිමි වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් අද(22) සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ බව ඔබ මේ වන විටත් දන්නවා.

ඒ, එංගලන්තයට එරෙහිව අද ගාල්ලේ දී ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

මෙය මැතිව්ස් විසින් එම ක්‍රීඩාංගනයේ දී වාර්තා කළ පළමු ශතකය වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, එම ශතකයත් සමග ඔහුට ලෝක වාර්තාවක් අහිමි වී යාම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.

ඒ එක් ක්‍රීඩාංගනයකදී ශතකයක් වාර්තා නොකර වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබා ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාවයි.

මේ වන විට ඇන්ජෙලෝ මැතිව්ස් ගාලු ක්‍රීඩාංගනයේ දී ඉනිම් 35කට ක්‍රීඩා කර ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1449ක්.

ඊට අද ලබා ගත් ශතකය හැරුණූ විට තවත් අර්ධ ශතක 11ක් ද ඇතුළත්.

අද වාර්තා කළ ශතකය හේතුවෙන් ඔහුගෙන් ගිළිහුණු ලෝක වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඇලන් බෝර්ඩර්.

ඔහු සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ඉනිම් 29ක් ක්‍රීඩා කර ටෙස්ට් ලකුණු 1177ක් ලබා ගෙන ඇතත්, කිසිදු ශතකයක් වාර්තා කර නැහැ.

අර්ධ ශතක 11ක් පමණක් එම ලකුණු සංඛ්‍යාවට ඇතුළත්.

Leave a comment