Ultimate magazine theme for WordPress.

අයර්ලන්ත – යූ.ඒ.ඊ එක්දින තරගාවලියට සුබ ආරංචියක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බළධාරීන් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ තරගය අද(18) අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

තරග 4කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය පසුගිය 8 වනදා පැවැති නමුත්, සෙසු තරග කිසිවක් මෙතෙක් පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට අවස්ථා කිහිපයක දී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව අවස්ථා 4කදී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග කල් දැමීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කෙරුණා.

අද පැවැත්වෙන තරගය තරගාවලියේ අවසන් තරගය ලෙස සැලකෙන අතර, සෙසු තරග දෙක අවලංගු කර ඇති බව සදහන්.

Leave a comment