Watch : පන්දුවට මතුරා පාන්ඩ්යා කඩුල්ලක් දවා ගත් හැටි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දු-පාකිස්තාන තරගය මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.
දෙවැනි කඩුල්ල ලෙස ඉමාම් උල් හක් දැවී ගිය අතර, ඒ වන විට පාකිස්තාන ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 73 ක් ලෙසයි.
හර්ඩික් පාන්ඩ්යා යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කේ එල් රාහුල් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඉමාම් දැවී ගියේ.
එම පන්දුවට පෙර පන්දුවට ඉමාම් හතරේ පහරක් එල්ල කළ අතර, අනතුරුව ඉමාම් දැවී ගිය පන්දුව යොමු කිරීමට පෙර පාන්ඩ්යා විසින් පන්දුව වෙත යමක් පවසමින් මතුරන ආකාරයක් වැනි යමක් දක්නට ලැබීම විශේෂත්වයක්.
දර්ශන පහතින් නරඹන්න –
Hardik pandya did outswing with " om bhagni bhagodari bhasmasey yevuni bhat swah" pic.twitter.com/figjDu2Srh
— Mumbaicha_engineer (@berozgaarhoo) October 14, 2023