Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට නව පන්දු යැවීමේ පුහුණුකරුවෙක්

මේ අතර, පාකිස්තාන 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස මොහමඩ් රිස්වාන් පත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි ඇඩම්ස් පත් කර තිබෙනවා.

ගැරී ස්ටීඩ්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් නවසීලන්ත පුහුණු කාර්යය මණ්ඩලයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ලුක් රොන්චි.

48 හැවිරිදි ඇඩම්ස් නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 42 ක් හා 20යි 20 තරග 4 ක් ක්‍රීඩා කළා. ඒ, 2001 වසරේ සිට 2007 වසර දක්වායි.

ඔස්ට්‍රේලියාවේ New South Wales, Sydney Sixers හා නවසීලන්තයේ Auckland යන කණ්ඩායම්වල පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ දී නවසීලන්ත කාන්තා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද ඔහු දකුණු අප්‍රිකා සංචාරයේ දී කටයුතු කළා.

නවසීලන්ත-පාකිස්තාන 20යි 20 තරගාවලිය ජනවාරි 12 වැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, පාකිස්තාන 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස මොහමඩ් රිස්වාන් පත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ශඩාබ් ඛාන්. 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි මෑතකදී පත් කෙරුණා.