ශ්රී ලංකාව හා අමෙරිකාව අතර පුහුණු තරගය ජූනි 15 වැනිදා
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජගත් ක්රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.
සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන්.
තරගාවලියේ තරග කාලසටහන ද ජගත් ක්රිකට් කවුන්සලය විසින් අද ප්රකාශයට පත් කළ අතර, ඉන් අනතුරුවයි පුහුණු තරග කාලසටහන ද නිවේදනය කළේ.
තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජූනි 13 වැනිදා හා ජූනි 15 වැනිදා පුහුණු තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ශ්රී ලංකාව ක්රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Warm-up fixtures:
- Tuesday, 13 June
West Indies v Scotland, Harare Sports Club
Zimbabwe v Oman, Takashinga Cricket Club
Nepal v UAE, Old Hararians Cricket Club
Sri Lanka v Netherlands, Queen’s Sports Club
Ireland v USA, Bulawayo Athletic Club
- Thursday, 15 June
Nepal v Oman, Harare Sports Club
West Indies v UAE, Takashinga Cricket Club
Zimbabwe v Scotland, Old Hararians Cricket Club
Ireland v Netherlands, Queen’s Sports Club
Sri Lanka v USA, Bulawayo Athletic Club