Ultimate magazine theme for WordPress.

හෙට ඇරඹෙන ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය හෙට(13) ආරම්භ වනවා.

විස්සයි 20 තරගාවලියේ සියලු තරග දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය හෙට රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව එක්දින තරග 3 ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, කොදෙව් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේ මෙරට දේශීය නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාවටයි.

Dialog TV හා Peo TV පාරිභෝගිකයින්ට Ten Cricket නාලිකාව ඔස්සේ තරගාවලිය නැරඹිය හැකියි. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූටියුබ් නාලිකාව හරහා ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

මේ අතර, තරගාවලියට නම් කර ඇති තරග නිලධාරීන්ගේ ලැයිස්තුව ද අද නිවේදනය කෙරුණා.

විකාශය කෙරෙන ආකාරය –

  • Sri Lanka:
    Supreme TV (Terrestrial/Free-To-Air)
    Ten Cricket: Dialog & IPTV – SLT (Pay)
    Sri Lanka Cricket YouTube Channel (Digital)
    SLBC: National Sports Channel (Radio)
  • India Subcontinent (excluding Pakistan): Sony Sports Network + Sony LIV
  • Pakistan: Ten Sports Pakistan, Sony LIV & Tapmad
  • Bangladesh: T Sports
  • Caribbean: Rush
  • MENA and South East Asia: Cricbuzz
  • UK & Republic of Ireland: TNT Sport
  • Sub-Saharan Africa: SuperSport

Match Officials

T20I
Ranjan Madugalle – ICC Elite Panel Referee
Ruchira Palliyaguruge – ICC Umpire
Raveendra Wimalasiri – ICC Umpire
Lyndon Hannibal – ICC Umpire
Prageeth Rambukwella – ICC Umpire

ODI
Ranjan Madugalle – ICC Elite Panel Referee
Ahsan Raza – ICC Elite Panel Umpire
Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
Raveendra Wimalasiri – ICC International Panel of Umpires
Asif Yaqoob – ICC International Panel of Umpires
Lyndon Hannibal – ICC International Panel of Umpires
Prageeth Rambukwella – ICC International Panel of Umpires