Ultimate magazine theme for WordPress.

Watch : දෙවැනි අළුබදුන ආරම්භයේ දී ම දෙදෙනෙකු ක්‍රීඩාංගනයට කඩා පනියි ; ජොනීගෙන් අපූරු පාඩමක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(28) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.

තරගයේ පළමු පන්දුවාරය ජේම්ස් ඇන්ඩර්සන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයෙන් පසුව ප්‍රේක්ෂකයින් දෙදෙනෙකු ක්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන් තරගය මිනිත්තු කිහිපයකට අත්හිටුවීමට සිදු වුණා.

තැඹිලි පැහැති තීත්ත කුඩු වර්ගයක් ද රැගෙන ඔවුන් ක්‍රීඩාංගනය මැදට කඩා වැදුණු අතර එක් පුද්ගලයෙකුව ග්‍රහනය කර ගැනීමට ක්‍රීඩාංගන බළධාරීන් සමත් වුණා.

අනෙක් පුද්ගලයාව එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව් විසින් ග්‍රහනය කර ගත් අතර, ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට ඔසවා ගෙන යාමට බෙයාර්ස්ටව් කටයුතු කිරීම විශේෂත්වයක්.

අනතුරුව බෙයාර්ස්ටව් ක්‍රීඩක විවේකාගාරය වෙත පිටව ගියේ ඔහුගේ ඇදුම් පැළදුම් මෙම සිද්ධිය හේතුවෙන් අපිරිසිදු වීම හේතුවෙන්.

ක්‍රීඩාංගනයට වැටී තිබූ තීන්ත කුඩු ඉවත් කිරීමට ද ක්‍රීඩාංගනයේ සේවකයින් කටයුතු කළ අතර, අනතුරුවයි තරගය යළි ආරම්භ වුණේ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –