T20 ලෝක කුසලානය ලොව පුරා විකාශය කෙරෙන්නේ මෙහෙමයි – ශ්‍රී ලංකාවෙන් අලුත් වැඩක්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. තරගාවලිය ජූනි පළමු වැනිදා (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූනි 2) සිට 29 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට තරග 55ක් ඇතුළත් අතර, තරගාවලිය ලොව පුරා විකාශය කිරීමට කටයුතු යොදා ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(29) දිනයේ දී නිවේදනය කළා.
ඉන්දියාව
මෙවර තරගාවලියේදීත් වැඩි දෙනාගේ අවධානය යොමුව ඇති කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ඉන්දීය ප්‍රේක්ෂකයින්ට Star Sports මාධ්‍ය ජාලය හා Disney + Hotstar ඔස්සේ තරග නැරඹීම සදහා මෙවරත් අවස්ථාව පවතිනවා.
හින්දි, දෙමළ, තෙලුගු හා කන්නඩ යන භාෂාවලින් තරග විකාශය කිරීම සදහා Star Sports කටයුතු යොදා ඇති අතර, ඉන්දියානු සංඥා භාෂාව (බිහිරි ප්‍රජාව සදහා) ඔස්සේ ද තරග විකාශය කෙරෙනවා. අයි.සී.සී තරගාවලියක් සදහා සංඥා භාෂාව ඔස්සේ විකාශනයක් සිදු කෙරන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව
මෙම ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Maharaja TV මාධ්‍ය ජාලයටයි. ඒ අනුව TV1, Sirasa, හා Shakti TV ඔස්සේ තරග විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
එමෙන්ම ඩිජිටල් විකාශන අයිතිය ද Maharaja TV මාධ්‍ය ජාලය සතු වන බැවින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ද තරග විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
පළමු වරට මෙරට ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගවල විස්තර විචාරක කටයුතු සිංහල භාෂාව ඔස්සේ ද ගෙන ඒමට Maharaja TV කටයුතු සූදානම් කර ඇති බවයි අයි.සී.සී නිවේදනයේ සදහන්ව ඇත්තේ.
Star Sports ඔස්සේ ද තරග නැරඹිය හැකි අතර, ICC TV යෙදුම (app) ඔස්සේ ද ලෝක කුසලාන තරගාවලිය මෙරට ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි.
පාකිස්තානය
පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට PTV හා Ten Sports ඔස්සේ තරග නැරඹිය හැකි අතර, Myco හා Tamasha යන යෙදුම්(apps) ඔස්සේ ඩිජිටල් විකාශන කටයුතු සිදු කෙරෙනවා.
සෙසු රටවල්වල තරග විකාශය සිදු වන ආකාරය –
USA & Canada – WillowTV / Willow TV App, CricBuzz
West Indies – ESPN Caribbean / ESPN Play Caribbean app
England – Sky Sports (Sky Sports Cricket, Sky Sports Main Event, Sky Sports Action) / SkyGO, NOW, Sky Sports App.
Australia – Amazon (Prime Video)
New Zealand – Sky Sport NZ / Sky Sport Now, Sky Go
South Africa, Uganda, and Namibia (52 Sub-Saharan African territories) – SuperSport and SuperSport app
UAE and the entire MENA region – STARZPLAY (UAE – CricLife MAX and CricLife MAX2)