Watch : තුෂාර බිද හෙලූ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ 5 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) සමත් වුණා.
ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි.
එම තරගයේ දී ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 175 ක ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මුල් හොසේන් ශන්තෝ, තව්හිද් හ්රිදෝයි හා මහ්මුදුල්ලාහ් පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් නුවන් තුෂාර මෙම කඩුලු ත්‍රිත්වය බිද හෙලුවා.
බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලදී ඔහු සිය කඩුලු ත්‍රිත්වය දවා ගත්තා.
මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිදු හසරංග 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන තිබුණා.
— cric sl (@cricslvideo) March 9, 2024