Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමක් අප්‍රේල්-මැයි මාසවලදී ශ්‍රී ලංකා සංචාරයක

අප්‍රේල් හා මැයි මාසවලදී ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම (AfghanAbdalyan) ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරගයක් හා එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 25 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර, අප්‍රේල් 28 වැනිදා සිට මැයි 14 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියේ තරග අප්‍රේල් 28, 30, මැයි 3, 5 හා 7 යන දිනවලදී පැවැත්වෙන බවයි එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ.

සිව්දින තරගය මැයි 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Schedule: 

  • 28th April, 2024 – 1st One Day Match
  • 30th April, 2024 – 2nd One Day Match
  • 3rd May, 2024 – 3rd One Day Match
  • 5th May, 2024 – 4th One Day Match
  • 7th May, 2024 – 5th One Day Match
  • 11th – 14th May, 2024 – One-off Four Day Match