Ultimate magazine theme for WordPress.

කමිදු මෙන්ඩිස් ICC සම්මානයකට නිර්දේශ කෙරේ

2024 මාර්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කළා.

නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඔහුට අමතරව අයර්ලන්තයේ මාර්ක් අඩයර් හා නවසීලන්තයේ මැට් හෙන්රි ද නිර්දේශිත නම් අතරට ඇතුළත්.

මාර්තු මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 68 ක් වාර්තා කළ කමිදු, ටෙස්ට් තරගාවලියේ දී ශතක දෙකක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92 ක්.

Leave a comment