නවසීලන්තය ලකුණු 75 කට දවා ගත් ඇෆ්ඝනිස්තානයට සුපිරි ජයක්
Match Report

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා.
ගයනාහි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 15.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75 පමණයි.
නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම ෆින් ඇලන් දවා ගැනීමට ෆසල්හක් ෆරූකි සමත් වුණා. ඩෙවෝන් කොන්වේ ලකුණු 8යි. කේන් විලියම්සන් ලකුණු 9කට දැවී ගියා. ඩැරල් මිචෙල් ලකුණු 5 යි. වැඩිම ලකුණුලාභියා වූ ග්ලේන් පිලිප්ස් ලකුණු 18(18) ක් ලබා ගත් අතර, මැට් හෙන්රි ලකුණු 12 ක් රැස් කළා. මාර්ක් චැප්මන් ලකුණු 4 ක් ලබා සිටියදීත්, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රෂීඩ් ඛාන් ද ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් පළමු කඩුල්ල සදහා ලකුණු 103 ක (14.3) අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
ගුර්බාස් පන්දු 56 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. සඩ්‍රාන් ලකුණු 44(41) කට දැවී ගියා.
අංක 3 පිතිකරු වූ අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 22(13) කට දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවා ගත්තා.
View this post on Instagram