වර්ෂාවෙන් පළමු දිනයට දැඩි බාධා – බංග්ලාදේශය 107/3
Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) කන්පූර්හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන් අතර, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 35 ක් පමණයි.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියා.
ආරම්භක පිතිකරුවන් වූ සාකීර් හසාන් ලකුණු නොලබා සිටියදීත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 24 කටත් දැවී ගියා. නජ්මුල් හොසේන් ශන්තෝ දැවී ගියේ ලකුණු 31 ක් ලබා සිටියදීයි.
මොමිනුල් හක් නොදැවී ලකුණු 40 ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී ආකාශ් දීප් කඩුලු 2 ක් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුල්ලක් දවා ගත්තා.