එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රාජ්පුත් පත් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු වන Lalchand Rajput පත් කර තිබෙනවා.
වසර තුනක කාලයක් සදහා ඔහුව එම ධූරයට පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙතෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස Mudassar Nazar කටයුතු කළා.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 4ක් ක්‍රීඩා කර ඇති Lalchand Rajput 2007 පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ කලමනාකරු ලෙස කටයුතු කළා.
2017 වසරේ දී ඇෆ්ඝනිස්තානය ටෙස්ට් වරම් දිනා ගනිද්දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු වූයේ ද ඔහුයි. 2018 වසරේ සිට 2022 වසර දක්වා ඔහු සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.