ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අද සිදු වෙන ප්‍රබල වෙනසක් ගැන ෂර්මා කරුණු පහදයි
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වනවා.
පළමු තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වන්නේ ඩොමිනිකා හී දී යි.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර යටතේ මෙම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
පළමු ටෙස්ට් තරගයේදී යශස්වි ජයිස්වාල් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු මෙම තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බවයි ඉන්දීය නායක රෝහිත් ෂර්මා සඳහන් කළේ.
මෙතෙක් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ෂුබ්මන් ගිල් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
චෙටස්වර් පූජාරා මෙම ටෙස්ට් සංචිතයට ඇතුළත් නොකිරීම හේතුවෙන් එම ස්ථානය පුරප්පාඩු වී පවතිනවා.
තමාට මැද පෙළ පිතිකරණ ස්ථානයක් ලබා දෙන ලෙස ෂුබ්මන් ගිල් විසින් ද ඉල්ලීමක් සිදු කර තිබූ බවයි ඉන්දීය නායකයා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.
අද තරගයට ක්‍රීඩා කළ හැකි ඉන්දීය කණ්ඩායම –
Rohit Sharma (c), Yashasvi Jaiswal, Shubman Gill, Virat Kohli, Ajinkya Rahane, Ravindra Jadeja, KS Bharat/Ishan Kishan (wk), R Ashwin, Shardul Thakur, Jaydev Unadkat/Navdeep Saini/Mukesh Kumar, Mohammed Siraj