රෂීඩ්, නූර් ටයිටන්ස් පිලට කඩුලු 9 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි
Match Report
රෂීඩ් ඛාන් හා නූර් අහ්මඩ් ප්රමුඛ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 48 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
ජායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 ක් පමණයි.
සංජු සැම්සන් ලකුණු 30 යි. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා. නූර් අහ්මඩ් ලකුණු 25 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්.
පිළිතරු ඉනිම ක්රීඩා කළ ටයිටන්ස් පිල පන්දුවාර 13.5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
ව්රිධිමන් සහා නොදැවී ලකුණු 41 ක් ද, හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 39 ක් ද රැස් කළා. ෂුබ්මන් ගිල් ලකුණු 36 යි.