Ultimate magazine theme for WordPress.

PAK vs BAN : නසීම් ශාහ්ට කැදවීමක් – උප නායකත්වය ශකීල්ට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

ශාන් මසූඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සවුද් ශකීල් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇති අතර, ටෙස්ට් සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් ද වසරකට පමණ පසුව නම් කර තිබීම විශේෂත්වයක්.

Kamran Ghulam, Mohammad Ali හා Mohammad Huraira සංචිතයට නම් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් පාකිස්තාන – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අගෝස්තු  21 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි තරගය ආරම්භ වන්නේ අගෝස්තු 30 වැනිදා කරච්චිහීදීයි.

Pakistan Test squad for Bangladesh series

Shan Masood (c), Saud Shakeel (vc), Aamer Jamal (subject to fitness), Abdullah Shafique, Abrar Ahmed, Babar Azam, Kamran Ghulam, Khurram Shahzad, Mir Hamza, Mohammad Ali, Muhammad Hurraira, Mohammad Rizwan (wk), Naseem Shah, Saim Ayub, Agha Salman, Sarfaraz Ahmed (wk), Shaheen Shah Afridi