Ultimate magazine theme for WordPress.

ඉන්දීය T20 සංචිතයට අවසන් මොහොතේ වෙනසක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ශිවම් ඩූබේට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්තාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකින් පසුවීම හේතුවෙන්.

ඔහු වෙනුවට තිලක් වර්මා සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද(6) රාත්‍රී 7:00 ට Gwalior හී දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

India’s T20I squad vs Bangladesh :

Suryakumar Yadav (c), Abhishek Sharma, Sanju Samson (wk), Rinku Singh, Hardik Pandya, Riyan Parag, Nitish Kumar Reddy, Washington Sundar, Ravi Bishnoi, Varun Chakaravarthy, JItesh Sharma (wk), Arshdeep Singh, Harshit Rana, Mayank Yadav, Tilak Varma