හෙට්මයර් ඉවතට – ටෙස්ට් තරග බෑ කියූ හෝල්ඩර් හා මේයර්ස් 20යි 20ට නම් කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නිවේදනය කර තිබෙනවා. එම සංචිත දෙකෙන්ම ශිම්රන් හෙට්මයර් ඉවත් කර තිබීම විශේෂත්වයක්.
ජේසන් හෝල්ඩර් හා ක්යල් මේයර්ස් 20යි 20 සංචිතය සදහා නම් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වුණා.
හෝල්ඩර් හා මේයර්ස් එක්දින සංචිතය සදහා නම් කර නැහැ. ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියට පෙර බ්‍රෙන්ඩන් කිංග් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ්ට 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දීමටයි කොදෙව් ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ෂේයි හෝප්ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති Teddy Bishop හා Tevin Imlach ඇතුළත්.
තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Justin Greaves හා Kavem Hodge මෙන්ම පා දග පන්දු යවන ක්‍රීඩක Hayden Walsh Jr ද එක්දින සංචිතය කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
එක්දින තරගාවලිය පෙබරවාරි 2, 4 හා 6 යන දිනවලදී පිළිවෙලින් මෙල්බර්න්, සිඩ්නි හා කැන්බරා හී දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය පෙබරවාරි 9, 11 හා 13 යන දිනවලදී පිළිවෙලින් හෝබාර්ට්, ඇඩිලේඩ් හා පර්ත් හී දී පැවැත්වීමට නියමිතයි.
West Indies ODI squad vs Australia
Shai Hope (c), Alzarri Joseph, Alick Athanaze, Teddy Bishop, Keacy Carty, Roston Chase, Matthew Forde, Justin Greaves, Kavem Hodge, Tevin Imlach, Gudakesh Motie, Kjorn Ottley, Romario Shepherd, Oshane Thomas, Hayden Walsh Jr.
West Indies T20I squad vs Australia
Rovman Powell (c), Shai Hope, Johnson Charles, Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Nicholas Pooran, Andre Russell, Sherfane Rutherford, Romario Shepherd, Oshane Thomas