Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකානු 2024-25 දේශීය තරග වාරයේ ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් අද(3) නිවේදනය කළා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ දී ශ්‍රී ලංකා හා පාකිස්තාන පිරිමි කණ්ඩායම් මෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර තරග ආරම්භ වීමට පෙර ලබන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම ද දකුණු අප්‍රිකා සංචාරයක නිරත වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ දී ශ්‍රී ලංකා A – දකුණු අප්‍රිකා A කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට ඇතුළත් වන්නේ ටෙස්ට් තරග දෙකක් පමණයි. එළඹෙන නොවැම්බර් 27 වැනිදා පළමු ටෙස්ට් තරගය Durban හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා සිට Gqeberha හී දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. දෙසැම්බර් 10 වැනිදා සිට ජනවාරි 7 වැනිදා දක්වා එම තරග පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායමේ දකුණූ අප්‍රිකා සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි 20 තරග 3 ක් හා ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිත බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පිරිමි තරග කාලසටහන –

South Africa vs Sri Lanka

  • 1st Test – Nov 27 – Dec 1 : Kingsmead Stadium, Durban
    2nd Test – Dec 5-9 : St George’s Park, Gqeberha

South Africa vs Pakistan

  • 1st T20I – Dec 10 : Kingsmead Stadium, Durban
  • 2nd T20I – Dec 13 : SuperSport Park, Centurion
  • 3rd T20I –  Dec 14 : Wanderers Stadium, Johannesburg
  • 1st ODI – Dec 17 : Boland Park, Paarl
  • 2nd ODI – Dec 19 : Newlands Cricket Ground, Cape Town
  • 3rd ODI – Dec 22 : Wanderers Stadium, Johannesburg
  • 1st Test – Dec 26-30 : SuperSport Park, Centurion
  • 2nd Test – Jan 3-7 : Newlands Cricket Ground, Cape Town
Leave a comment