හිටපු ලොව අංක එකේ පිතිකරු මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

එංගලන්ත පිතිකරු ඩාවිඩ් මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
36 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 22 ක්, එක්දින තරග 30 ක් හා විස්සයි 20 තරග 62 ක් ක්‍රීඩා කළා.
2020 වසරේ දී ඔහු විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ද හිමි කර ගත් අතර, විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 1,000 සීමාව පසු කිරීමට අවම ඉනිම් සංඛ්‍යාවක් (24) වැය කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.
ජොස් බට්ලර් හැරුණු විට එංගලන්තය වෙනුවෙන් තරග රටා ත්‍රිත්වයෙන්ම ශතක රැස් කර ඇති එකම අනෙක් පිතිකරුවා වන්නේ ඩාවිඩ් මලාන්.
ඔහු 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලන තරගාවලිය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.