තවත් ශතකයක් සමග ධනංජය ද සිල්වා ඉතිහාසගත වුණේ මෙහෙමයි

ශ්රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා අද සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්රී ලංකා ටෙස්ට් ඉතිහාසය අලුත් කිරීමට සමත් වුණා.
ඒ, බංග්ලාදේශය සමග සිල්හෙට්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.
ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ පසුබිමකයි දෙවැනි ඉනිමේ දී ද මෙලෙස ශතකයක් වාර්තා කළේ.
ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක වාර්තා කළ 6 වැනි ශ්රී ලංකා ක්රීඩකයා ලෙස ධනංජය වාර්තා අතරට එක් වුණා.
මීට පෙර දුලිප් මෙන්ඩිස්, අසන්ක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කර තිබුණා.
අරවින්ද හා සංගක්කාර අවස්ථා දෙකකදී එම දක්ෂතාවය දක්වා තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, නායකයා ලෙස මෙම දක්ෂතාවය දැක් වූ ශ්රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු පිතිකරු වන්නේ ධනංජය ද සිල්වායි.
DDS becomes the sixth Sri Lankan to post twin hundreds in a Test match. With all due respect to Mr. Duleep Mendis, the effort of DDS has to be ranked the best; on a tough pitch. pic.twitter.com/HMrulIqrja
— Rex Clementine (@RexClementine) March 24, 2024