මැතිව්ස් කෝටි දෙකේ කාණ්ඩයට ; IPL වෙන්දේසියට ලියාපදිංචි වූ ප්‍රබල ක්‍රීඩකයින් මෙන්න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් 25 දෙනෙකු ඉහළම මූලික වටිනාකමක් හිමි මූල්‍ය කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එම ක්‍රීඩකයින් අතරට ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, ස්ටීවන් ස්මිත්, ජොෂ් ඉන්ග්ලිස් හා ශෝන් ඇබෝට් ඇතුළත්.
ශ්‍රී ලංකාවෙන් එම කාණ්ඩයට ඇතුළත්ව ඇත්තේ ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පමණයි.
සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග රුපියල් කෝටි 1.5 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩයෙන් ලියාපදිංචි වීමටයි පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලානයේ දී ලකුණු 578 ක් වාර්තා කරමින් ඉහළ අවධානයක් දිනා ගත් නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර මූලික වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් වන කාණ්ඩයේ ලියාපදිංචි වී තිබෙනවා.
ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,166 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් 830 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා. 336 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන බවත්, මේ වන විට ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 212 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 909 දෙනෙකු මෙන්ම ටෙස්ට් වරම් හිමි නොමැති රටවලින් ක්‍රීඩකයින් 45 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති බවත් සදහන්.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නිදහස් කළ ජොෆ්ර ආචර් වෙන්දේසිය සදහා ලියාපදිංචි වී නැහැ.
2024 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.
වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයින් 77 දෙනෙකු අලෙවි වීමට නියමිත අතර, විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද මේ වන විට සංචිත සදහා පුරප්පාඩු වී පවතිනවා.
මූලික වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දෙක :
Harshal Patel, Shardul Thakur, Umesh Yadav, Kedar Jadhav, Mujeeb Ur Rahman, Sean Abbott, Pat Cummins, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Starc, Steve Smith, Mustafizur Rahman, Tom Banton, Harry Brook, Ben Duckett, Jamie Overton, Adil Rashid, David Willey, Chris Woakes, Lockie Ferguson, Gerald Coetzee, Rilee Rossouw, Rassie van der Dussen, Angelo Mathews
මූලික වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1.5 :
Mohammad Nabi, Moises Henriques, Chris Lynn, Kane Richardson, Daniel Sams, Daniel Worrall, Tom Curran, Marchant de Lange, Chris Jordan, Dawid Malan, Tymal Mills, Phil Salt, Corey Anderson, Colin Munro, Jimmy Neesham, Tim Southee, Colin Ingram, Wanindu Hasaranga, Jason Holder, Sherfane Rutherford
මූලික වටිනාකම ඉන්දීය රුපියල් කෝටිය :
Ashton Agar, Riley Meredith, D’Arcy Short, Ashton Turner, Gus Atkinson, Sam Billings, Michael Bracewell, Martin Guptill, Kyle Jamieson, Adam Milne, Daryl Mitchell, Wayne Parnell, Dwaine Pretorius, Alzarri Joseph, Rovman Powell, David Wiese