හතුරුසිංහට වඩා හොද පුහුණුකරුවෙක් අවශ්‍යයි : BCB සභාපති

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් කටයුතු නොකළ යුතු බව එරට ක්‍රිකට් ආයතනයේ නව සභාපති Faruque Ahmed යළි අවධාරණය කරනවා.
ඒ, සභාපතිධූරය භාර ගැනීමට පෙර ද ඔහු ඒ බව මෙම සතිය මුලදී ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.
චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව තමා මෙතෙක් අධ්‍යනය කර නොමැති නමුත්, තමා ඔහු සම්බන්ධයෙන් මීට පෙර දැරූ මතය වෙනස් නොවන බවයි ඩකා හී දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ.
හතුරුසිංහට වඩා හොද පුහුණුකරුවෙකු සොයා ගැනීමට හැකිදැයි අවධානය යොමු කරන බව ඔහු පෙන්වා දුන්නා.
චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම 2025 වසරේ පෙබරවාරි මාසය දක්වා වලංගුව පවතිනවා.