Ultimate magazine theme for WordPress.

බැල්බර්නි ඉවතට – ජොෂ් ලිට්ල් නොමැතිව අයර්ලන්ත එක්දින හා T20 සංචිත නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන අයර්ලන්ත සංචිත නම් කර තිබෙනවා.

ටෙස්ට් නායක ඇන්ඩි බැල්බර්නි විස්සයි 20 සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු අයර්ලන්තයේ වැඩිම විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන නමුත්, මෑතකදී ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් මට්ටමක පැවතුණේ නැහැ.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා බැල්බර්නි නම් කර තිබෙනවා.

මේ දිනවල කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් සංචිත දෙක සදහාම නම් කර නැහැ.

සංචිත සදහා වමත් දග පන්දු යවන ක්‍රීඩක Matthew Humphreys ඇතුළත්.

අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා හා 29 වැනිදා ද, තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් 2, 4 හා 7 යන දිනවලදී ද, අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

Ireland T20I squad vs South Africa:

Paul Stirling (c), Mark Adair, Ross Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Fionn Hand, Matthew Humphreys, Graham Hume, Neil Rock, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Ireland ODI squad vs South Africa:

Paul Stirling (c), Mark Adair, Andrew Balbirnie, Curtis Campher, George Dockrell, Stephen Doheny, Gavin Hoey, Fionn Hand, Graham Hume, Matthew Humphreys, Andy McBrine, Neil Rock, Harry Tector, Lorcan Tucker, Craig Young.