Ultimate magazine theme for WordPress.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩක ආදේශ කිරීමක්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් මුම්බායි ඉන්දියන්ස් කණඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු සංචිතයට නම් කිරීමටයි මුම්බායි කලමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රිස් ජෝර්ඩන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ. ඔහු වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් යටතේයි.

ඔහු මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්රයිසස් හයිදරාබාද්, පංජාබ් කිංග්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සදහා ක්‍රීඩා කර තිබුණා.

34 හැවිරිදි ජෝර්ඩන් අයි.පී.එල් ඉනිම් 28 කදී කඩුලු 27 ක් දවා ගෙන තිබෙනවා. ඔහු අවසන් වරට 2022 වසරේ දී සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කළා.

ක්‍රිස් ජෝර්ඩන් සංචිතයට ආදේශ කර ඇත්තේ කුමන ක්‍රීඩකයා වෙනුවට දැයි මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැහැ.