Ultimate magazine theme for WordPress.

චෙන්නායි කණ්ඩායමට රෝයල්ස් වේග පන්දු යවන්නෙකු ආදේශ කෙරේ

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට චෙන්නායි සංචිතය සදහා වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ආකාශ් සිං ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආකාශ් සිං මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කර තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට මීට පෙර සිදු වුණා.

චෙන්නායි කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද මෙවර අයි.පී.එල් තරගාවලියට එක්වන්නේ නවසීලන්ත තරග සංචාරය අවසන් වීමෙන් පසුවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (31) අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment