Watch : Hundred පළමු තරගයට නරියෙකු කඩා වැදීම නිසා ඇති වූ තත්ත්වය මෙන්න

ක්‍රිකට් තරගයක් අතරතුර අනාරාධිතව ක්‍රීඩා පිටියට ගොඩ වැදී තරගයට බාධා ඇති කරපු විවිධ අමුත්තන් පිළිබඳව ඔබට මතක ඇති.
ඒ අතර සුලබව සුනඛයන්, බළලුන් මෙන්ම ශ්‍රී ලංකාවේදී නම් සර්පයන් වැනි විවිධ සතුන් වාර්තා වී තිබෙනවා.
කිසිදිනක නරියෙකු ක්‍රිකට් තරගයකට අනවසරයෙන් ගොඩවැදී බාධා කළ අවස්ථාවක් පිළිබඳ ඔබට මතකයක් තිබෙනවාද ? එවැනි අවස්ථාවක් ඊයේ (5) වාර්තා වුණා. එයත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදීයි.
එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ” The Hundred ” ක්‍රිකට් තරගාවලියේ මෙවර අදියර ඊයේ ලන්ඩන්හී ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, පළමු තරගයේදීයි මෙම සිදු වීම දැක ගත හැකි වුණේ.
ආරම්භක තරගය ලන්ඩන් ස්පිරිට් සහ ඕවල් ඉන්වින්සිබල් යන කණ්ඩායම් අතර පැවත්වුණා. Oval Invincible කණ්ඩායම පිතිකරණයේ නියැලෙමින් සිටි අතරවාරයේදීයි ක්‍රීඩා පිටියට කඩා වැදුනු නරියකු නිසා තරගය මදකට නතර කිරීමට සිදුවුණේ.
There’s a fox on the field! 🦊 pic.twitter.com/3FiM2W90yZ
— Sky Sports Cricket (@SkyCricket) August 5, 2025