නව නායකයෙකු සමග ඉන්දීය ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ෂුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ, පසුගිය 7 වැනිදා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් රෝහිත් ෂර්මා වෙනුවටයි.
ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය වන්නේ ජූනි 20 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියයි.
එම තරගාවලිය සදහා නම් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ රිෂාබ් පන්ට්. ඒ, මීට පෙර ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් සංචිතයේ උප නායකයා ලෙසත්, ඇතැම් අවස්ථාවල නායකයා ලෙසත් කටයුතු කර ඇති පසුබිමකයි.
ෂුබ්මන් ගිල් මීට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හෝ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කිසිදු තරගයකදී කටයුතු කර නැහැ. නමුත්, විස්සයි 20 තරග පහකදී ඔහු කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඒ, පසුගිය වසරේදී පැවැති සිම්බාබ්වේ තරග සංචාරයේදීයි.
2020 වසරේදී ටෙස්ට් වරම් දිනා ගත් ගිල් මේ වන විට ටෙස්ට් තරග 32 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 1,893 ක් රැස් කර ගෙන තිබෙනවා. ඊට ශතක 5 ක් හා අර්ධ ශතක 7 ක් ඇතුළත්.
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ ඉන්දීය ටෙස්ට් සංචිතයට පළමු වරට සායි සුදර්සන් සහ අර්ෂ්දීප් සිං නම් කර තිබීම විශේෂත්වයක්.
ඊට අමතරව කරුන් නෙයාර් හා ශර්දුල් තාකූර් ද යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
India Test squad for England
Shubman Gill (c), Yashasvi Jaiswal, KL Rahul, Rishabh Pant (vc, wk), Dhruv Jurel (wk), Ravindra Jadeja, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj, Akash Deep, Prasidh Krishna, Sai Sudharsan, Abhimanyu Easwaran, Karun Nair, Nitish Kumar Reddy, Washington Sundar, Shardul Thakur, Arshdeep Singh