Ultimate magazine theme for WordPress.

SL v ENG : ප්‍රබලයින් දෙදෙනෙකු T20 සංචිතයෙන් එළියට

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත T20I තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉවත් කර ඇති බව Sunday Times වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීමට ඇති අවස්ථාව ද ඉතා සීමිත වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

පාකිස්තාන තරගාවලියට නම් කළ සංචිතය හා සංසන්දනය කිරීමේදී මෙම සංචිතයට සිදු කර ඇති වෙනස්කම් වන්නේ මෙම ක්‍රීඩකයින් දෙදෙනා ඉවත් කිරීම පමණයි.

ඔවුන් වෙනුවට කිසිදු ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කර නැහැ.

ඒ අනුව ධනංජය ද සිල්වා සංචිතයේ ස්ථානය රැක ගෙන ඇති අතර, ට්‍රෙවීන් මැතිව් ද තවදුරටත් සංචිතයේ රැඳී සිටිනවා.

එංගලන්ත තරගාවලිය සදහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකාව නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නම් කර ඇති බවට වාර්තා වන සංචිතය :

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රැවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග.

මේ අතර, පසුගියදා නිමා වූ පාකිස්ථාන තරගාවලියේදී විස්සයි විස්ස කණ්ඩායමට යළි කැඳවනු ලැබූ ධනංජය ද සිල්වා එංගලන්තයට එරෙහි එක්දින සංචිතයට ද ඇතුළත් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මෙම සියලු කරුණු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

නම් කර ඇති බවට වාර්තා වන එක්දින සංචිතය :

1. Charith Asalanka (Captain)
2. Pathum Nissanka
3. Kamil Mishara
4. Kusal Mendis
5. Sadeera Samarawickrema
6. Dhananjaya de Silva
7. Janith Liyanage
8. Kamindu Mendis
9. Pavan Rathnayake
10. Dunith Wellalage
11. Jeffrey Vandersay
12. Wanindu Hasaranga
13. Milan Rathnayake
14. Eshan Malinga
15. Pramod Madushan
16. Maheesh Theekshana
17. Asitha Fernando